කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකුට පසුගිය 22 වනදා වෙඩි තැබීමට තැත්කිරීමේ සිද්ධියේ පළාගිය සැකකරු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු රාජාංගණය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ.ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් පොලිසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරකයෙකුගේ නිවස තුළ පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීමට තැත්කර තිබූ අතර, එලෙස පැමිණි එක් වෙඩික්කරුවෙක් නිවසේ තාප්පයෙන් පැනීමට යාමේ දී පාදයේ අස්ථි බිදීමට ලක්ව තාප්පය අසළ වැටී සිටිය දී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
පලාගිය අනෙක් වෙඩික්කරුයි ඊයේ මෙලෙස රාජාංගණය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ; පසුගිය 08 වනදා කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී ව්‍යාපාරික ස්ථානයක් තුළ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මොහු බවයි.





