කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් උද්ඝෝෂණයක

රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ (12) දින සවස 05.00 ට උද්ඝෝෂණයක් වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානය සහ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සංවිධානය කර තිබුණි .

මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති සහ වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය .

රජයේ සේවකයින්ට මෙවර අයවැයෙන් යම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , නිදහස් වෙළෙඳ කළාප සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට වැටුප් වැඩි වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් පමණක් ඉදිරිපත් වී තියෙනවා . එවැනි සේවකයින් රවටන ප්‍රකාශ නොකර මෙම අංශ වල සේවයේ නිරත සේවකයින් හට අයවැය සහන දීමනාවක් ලෙස වැටුප් වැඩි කර ලීමේ නීති අණ පනත් සම්මත කිරීමට පියවර ගන්නා ලෙස තම වෘත්තීය සමිති රජයට බල කර කියා සිටින බව ගාමිණී රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02