කටුනායක ගුවන් තොටේ ‘සේද මාවතේ’ රාජකාරී නවතී

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ‘සේද මාවත’ මගී නිශ්කාශන පර්යන්තයේ කටයුතු මේ වන විට ඇනහිට තිබෙනවා.

එහි රාජකාරීයේ නියුතු ආගමන විගමන නිලධාරීන් අද (12) අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු රාජකාරිවලින් ඉවත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ මේ වනවිට පවතින අස්ථාවර හා අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් චෝදනාවන්ට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල ඇති ගුවන් තොටුපොළ තුළ මෙවැනි මුදල් ගෙවා භාවිත කරන ප්‍රභූ පර්යන්ත පවත්වාගෙන යාමක් සිදු නොවන බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12