spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක ගුවන්තොටුපලේ දී ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

කටුනායක ගුවන්තොටුපලේ දී ඊයේ (04) රාත්‍රියේ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

එයාර් බස් 330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉස්ථාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක් ගුවන් යානයේ අංක 02 එන්ජිමේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්.

අනතුරට පත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ඇති බවයි වාර්තා වුණේ.

292052247 724108518798855 8047420105865588214 n
292149230 724108588798848 8992070362539747177 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?