කටුනායකට පැමිණි ගුවන්යානයක් නිසා විශාල දේපළ හානියක් (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන්තොටුපළ ළංවන අවස්ථාවේ ක්‍රමයෙන් පහතට පැමිණි අඩි ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා එම ගුවන් මාර්ගයේ තිබූ නිවාස සහ දේපොළ රැසක් විනාශ වී තිබෙනවා.

මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ ඉඩම් රැසක නිවාස සහ දේපළවලට මෙම හානිය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් විශාලතම හානිය සිදු වී තිබෙන්නේ තමන්ට බවයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කනිෂ්ක සරත්චන්ද්‍ර සඳහන් කළේ.

යානය හදිසියේ ඉහළට එසවීමත් සමග ඇතිවූ තද මෙම සුළඟින් ඔහුගේ නිවස පමණක් නොව එදිනෙදා වියදම් පිරිමසා ගන්නා අක්කර දෙකක පොල් වගාව ඇතුළු අනෙකුත් වගාවන් ද විනාශයට පත් වී තිබෙනවා.

36 හැවිරිදි කනිෂ්ක සරත්චන්ද්‍ර මෙම සිදු වීම මෙලෙස විස්තර කළා….

මම ගොවියෙක්. මම විවාහකයි. මගේ බිරිඳ කොළඹ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. එදා 5 වනදා. වෙලාව සවස 05.30ත් 05.50ත් අතර තිබුණේ. මම පස් හැවිරිදි පුතා සහ දෙහැවිරිදි දුව සමග ගෙදර ඉස්තෝප්පුවේ සෙල්ලම් කරමින් සිටියා. ඒ වෙළාවෙ අපේ මාමා කෙනෙකුත් එතැනට ආවා. පොඩි වැහි පොදයකුත් ඒ වෙලාවෙ තිබුණා. අපේ ගෙදර ඉහළින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා ගමන් කරන්නෙ. මම උපන් දා සිට මේ ගමේ පදිංචිව ඉන්නවා. ඒත් ගුවන් යානයකින් අපේ ප්‍රදේශයේ ගහක කොළයකට වත් හානියක් වෙලා නැහැ. ඉතිං අපි ඉස්තෝප්පුවේ ඉන්නකොට මම දැක්කා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ගුවන් යානයක් එනවා. එහි විශේෂත්වයක් තිබුණා. ඒක දෙපැත්තට පැද්දෙමින් ආවෙ. මම මාමට කිව්වා , “මාමෙ මේක නම් කඩා වැටෙයි ද” කියලා. ඒ ගුවන් යානය අපේ ගේ පහු කරනවාත් සමගම විශාල ශබ්දයක් ආවා. මම දරුවො දෙන්නා බදා ගත්තා. ඒ සමගම දැවැන්ත සුළඟක් ආවා. ඒ තත්වය තත්පර කීපයක් පමණයි පැවතුනේ. ඒ එක්කම අපේ නිවසෙ වහළ, කුස්සියේ වහළය, යළි හොයා ගන්න බැරි වෙන්නම ගසා ගෙන ගිහිල්ලා තිබුණා. මේ ගෙදර හදල අවුරුදු 06යි. ඒ වගේම මගේ ළමයින්ගෙ අධ්‍යාපන වියදම්, ගෙදරදොර එදිනෙදා වියදම් මම ආවරණය කර ගන්නෙ මේ පොල් වගාවෙන්. ඒ ගස් සියල්ල කැඩිලා, ඉදිරිලා ගිහිල්ලා.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ යානය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 303 දරන ගුවන් යානය බවයි. මෙම යානයේ එම අවස්ථාවේ ගුවන් මගීන් 292ක් සහ කාර්යය මණ්ඩලය 12ක් සිට තිබෙනවා. මෙම ගුවන් යානය A 330 එයාර් බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්. මෙහි එක් ඇංජිමක අශ්ව බල 75,000ක පමණ ධාරිතාවයක් ඇති අතර එවැනි එන්ජින් දෙකක් මෙම ගුවන් යානය සතුයි.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සුදානමින් පැමිණෙන විට නියමිත ප්‍රමාණයට වඩාත් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා ගුවන් නියමුවා එක වරම මෙම ගුවන් යානය ඉහළට ඔසවා තිබෙනවා.

එහිදී මෙම යානයේ එන්ජින් මගින් නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම හේතුවෙන් මෙම දැඩි සුළං තත්වය හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේ ගුවන් නියමුවා සිය ගුවන් යානය සහ එහි සිටින මගීන් බේරා ගැනීම සදහා ගත් පියවර අගය කරමින් එම ගුවන් නියමුවා ඇගැයීමකට ලක් කර තිබෙනවා.

දේපළ හානි වූවන් මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් දාගොන්න, ගොඩැල්ල, ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05ක පමණ ප්‍රදේශයක පිහිටි දේපළ සහ නිවාස ආපදාවකට ලක් වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ මහදාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවාරාම විහාරස්ථානයේ නන්දරතන හිමියන්…

එදා 05 වෙනිදා. සවස 05.35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් ගමන් කළා. සාමාන්‍යයෙන් අපේ පන්සල උඩින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සන ගුවන් යානා ගමන් කරන්නෙ. එදා සවස 05.35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ දෙසට ගමන් කළා. ඒ සමගම විශාල සුළඟක් ආවා. එයින් පන්සලේ ආවාස ගෙය, දහම් පාසැල ඇතුළු ගොඩනැගිලිවල වහළය ගැලවිලා ගියා. පන්සල් වත්තෙ ගස් විශාල ප්‍රමාණයක් මේ සුළඟට අහුවෙළා කැඩිලා ගියා. පන්සලට රුපියල් කෝටියක පමණ අලාභයක් මෙයින් සිදු වී තිබෙනවා. අපට දැනගැනීමට තියෙන විදිහට මෙම ගුවන් යානය අඩි 800ක තරම් උසකිනුයි මේ ප්‍රදේශයෙන් ගමන් කර ඇත්තේ. ඒනිසා මෙම ගුවන් යානයේ නියමුවා එකවරම මෙම යානය අඩි 2,000ක තරම් උසකට රැගෙන යාමට පියවර ගැනීමත් සමග මේ තත්වය ඇති වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් අපදාවට ලක් වූ ප්‍රදේශවාසීන් වෙත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබූ බව අප වර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39