AFC Banner
Empty Ad
Empty Ad

කටුකුරුන්ද සිද්ධිය සියදිවි නසාගැනීමක් දැයි සැකයක් ?

කළුතර, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දී ඊයේ (12) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් තිදෙනෙක් මිය යාමේ සිද්ධිය; සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබදව පොලිසියේ සැකය යොමුව තිබෙනවා.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් කළුතර, නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක තරුෂ අසංක නැමැති පුද්ගලයෙක්, ඔහුගේ අවුරුදු 02ක් පමණ වයසැති පුත්‍රයා සහ තවත් වයස අවුරුදු 49ක රොෂාන් ජානක නැමැති පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

21 හැවිරිදි පුද්ගලයා සිය පුත්‍රයා ද සමඟ දුම්රිය ස්ථානයේ වේදිකාවේ රැඳී සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර ඔවුන්ව දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහ කිරීමේ දී අනෙක් පුද්ගලයා ද දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දරුවා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබුණා.

තරුෂ අසංක නැමැත්තා දරුවා ද සමඟ දුම්රිය ස්ථානය දෙසට යන විට සැකසිතී ඔවුන් දෙදෙනා පසුපස රොෂාන් ජානක නැමැත්තා ද ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

21 හැවිරිදි තරුෂ අසංක දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට ද මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?