කච්චතිව් මුහුදේ දී ඉන්දීය බෝට්ටුවක් පෙරළෙයි – දෙදෙනකු මුදා ගනිද්දී තවත් දෙදෙනකු අතුරුදන්

උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08ක් පමණ කිලෝමීටර් 14ක් පමණ දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේ දී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට අද දින (27) නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබුවා.

කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදා අනුඛණ්ඩය වෙතින් එම දූපතේ වෙරළ තීරයේ අද උදෑසන සිදුකළ පාමුර සංචාරයක දී එම වෙරළ තීරයට පිහිනා ආ පුද්ගලයෙකු නිරීක්‍ෂණය වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමේ දී, ඔහු ඉන්දීය ජාතික ධීවරයෙකු බවට අනාවරණය වූ අතර, ධීවර කටයුතු සිදු කරමින් සිටියදී මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවරයන් සිව්දෙනෙකු රැගත් ඔවුන් පැමිණි ධීවර යාත්‍රාව මුහුදේ පෙරළී ආපදාවට පත් වීමෙන් කච්චතිව් දූපත දෙසට පිහිනා ආ බවට හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, නාවික හමුදාව විසින් කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා යොදවා ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, එහිදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් සිටි තවත් ධීවරයෙකු මුදාගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදාව විසින් මුදා ගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔවුන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

රළු මුහුදු ස්වභාවය හමුවේ වුව ද, අනෙක් ඉන්දීය ධීවරයින් දෙදෙනා සොයා කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදු කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින්, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීම ද සිදු කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11