කච්චතිව් මුහුදේ දී ඉන්දීය බෝට්ටුවක් පෙරළෙයි – දෙදෙනකු මුදා ගනිද්දී තවත් දෙදෙනකු අතුරුදන්

උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08ක් පමණ කිලෝමීටර් 14ක් පමණ දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේ දී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට අද දින (27) නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබුවා.

කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදා අනුඛණ්ඩය වෙතින් එම දූපතේ වෙරළ තීරයේ අද උදෑසන සිදුකළ පාමුර සංචාරයක දී එම වෙරළ තීරයට පිහිනා ආ පුද්ගලයෙකු නිරීක්‍ෂණය වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමේ දී, ඔහු ඉන්දීය ජාතික ධීවරයෙකු බවට අනාවරණය වූ අතර, ධීවර කටයුතු සිදු කරමින් සිටියදී මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවරයන් සිව්දෙනෙකු රැගත් ඔවුන් පැමිණි ධීවර යාත්‍රාව මුහුදේ පෙරළී ආපදාවට පත් වීමෙන් කච්චතිව් දූපත දෙසට පිහිනා ආ බවට හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, නාවික හමුදාව විසින් කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා යොදවා ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, එහිදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් සිටි තවත් ධීවරයෙකු මුදාගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදාව විසින් මුදා ගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔවුන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

රළු මුහුදු ස්වභාවය හමුවේ වුව ද, අනෙක් ඉන්දීය ධීවරයින් දෙදෙනා සොයා කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදු කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින්, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීම ද සිදු කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?