spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කංසා වගාව ගැන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ආවේ නැහැ – ඇමති බන්දුල

ඖෂධීය කංසා වගා කිරීමට අදාළව යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන බව පවසනවා.

අද (06) පෙරවරුවේ පැවති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍යවේදීන් එහිදී සඳහන් කළේ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඊට අනුමැතිය හිමි වූ බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් පැවසූ බවයි.

අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය යෝජනාවක් නොපැමිණි බවත් එවැනි යෝජනාවක් සම්මත වූ බවට අසත්‍යක් ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?