ඖෂධ සමාගමක පිපිරීමකින් 17ක් මරුට – 41 දෙනෙකුට පිළිස්සුම් තුවාල

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශේෂ ආර්ථික වෙළෙඳ කලාපයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

NDTV පුවත් සේවය වාර්තා කළේ; ආන්ද්‍රා ප්‍රදේශයේ අනකපල්ලෙයි ප්‍රදේශයේ අදාළ ඖෂධ සමාගම පිහිටා ඇති බවත් එම ප්‍රදේශයේ අචුතපුරම් විශේෂ ආර්ථික කලාපය පිහිටා ඇති අතර එහි ඇති ආයතනයක මෙම පිපිරීම සිදු ව ඇති බවයි.

Escientia නමැති මෙම ඖෂධ සමාගමේ කම්හලක් අදාළ පිපිරුමට භාජනය වී ඇති අතර පුද්ගලයින් 41 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා NTR රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරුම ගැන දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ; එය කම්හලේ ඖෂධ ප්‍රතික්‍රියාවක් නිසා සිදු නොවූවක් බවත්; විදුලිය සම්බන්ධ කාර්මික දෝෂයක් හේතුවෙන් හටගත් පිපිරීමක් බවයි.

අදාළ ආයතනයේ සේවකයින් 380 දෙනෙකු රාජකාරියෙහි නිරත වන බව ද වාර්තා වනවා.

මෙම අනතුර ඊයේ පස්වරු 2.15ට සිදු ව ඇති බවත්; එය දිවා ආහාරය වේලාවේ දී සිදු වීම හේතුවෙන් විශාල ව්‍යසනයක් වැළකුණු බවත් ඉන්දීය ප්‍රාන්ත රජය පවසනවා.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු අද (22) එම ස්ථානයට නිරීක්ෂණයට පැමිණෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20