Empty Ad
Empty Ad
AFC Banner

ඖෂධ නිෂ්පාදනය හා වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ; රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් සහ දැනට ගිවිසුම්ගත වී නොමැති දේශීය නිෂ්පාදකයින් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 04ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද බවයි.

එම ලැයිස්තු 04 පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව;

  • ඖෂධ වර්ග 42ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 5,398.83ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 131ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 16,611.42ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 36ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 9,022.10ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 130ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයින් 24ක් වෙත පිරිනැමීම.

යනාදිය මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?