ඕස්ට්‍රේලියාව රනින් සැරසූ සන්නාම තානාපති රුවන් පෝල් දිවයිනට

ඉතාලියේ පැවති ලෝක සවි එසවීමේ තරගාවලියේ දී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනාගත් රුවන් පෝල් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රුවන් පෝල් මහතා ඔස්ට්‍රේලියානු ජාතික සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරමිනුයි මෙම තරගාවලියට සහභාගී වූයේ.

පසුගිය ඔක්තෝබර් 30,31, සහ 01 දින එම තරග පැවැත්වුණ අතර ඒ සදහා තරගකරුවන් 400ක් පමණ සහභාගී වී තිබුණා.

මීට පෙර ද ජාත්‍යන්තර තරගවලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන ඇති ඔහු මෙවර පිරිමි විවෘත 120kgට වැඩි බර කාණ්ඩය යටතේ තරග වැදී රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ලෝක සවි එසවීමේ සංගමය විසින් රුවන් පෝල් මහතා ශ්‍රී ලංකාවේ සවි එසවීමේ සන්නාම තානාපති ලෙසටයි පත් කර ඇත්තේ.

රුවන් පෝල් මහතා විවිධ ජාත්‍යන්තර තරගවලින් රන් පදක්කම් දිනූ අයෙකු වන අතර, ඕස්ට්‍රේලියානු වාර්තාවක් ද පිහිටු වූ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18