spot_imgspot_img

ඕස්ට්‍රේලියාව රනින් සැරසූ සන්නාම තානාපති රුවන් පෝල් දිවයිනට

ඉතාලියේ පැවති ලෝක සවි එසවීමේ තරගාවලියේ දී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනාගත් රුවන් පෝල් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රුවන් පෝල් මහතා ඔස්ට්‍රේලියානු ජාතික සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරමිනුයි මෙම තරගාවලියට සහභාගී වූයේ.

පසුගිය ඔක්තෝබර් 30,31, සහ 01 දින එම තරග පැවැත්වුණ අතර ඒ සදහා තරගකරුවන් 400ක් පමණ සහභාගී වී තිබුණා.

මීට පෙර ද ජාත්‍යන්තර තරගවලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන ඇති ඔහු මෙවර පිරිමි විවෘත 120kgට වැඩි බර කාණ්ඩය යටතේ තරග වැදී රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ලෝක සවි එසවීමේ සංගමය විසින් රුවන් පෝල් මහතා ශ්‍රී ලංකාවේ සවි එසවීමේ සන්නාම තානාපති ලෙසටයි පත් කර ඇත්තේ.

රුවන් පෝල් මහතා විවිධ ජාත්‍යන්තර තරගවලින් රන් පදක්කම් දිනූ අයෙකු වන අතර, ඕස්ට්‍රේලියානු වාර්තාවක් ද පිහිටු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?