ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යන පිරිස් නතර කරන්න ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක නිලධාරීන් උතුරට

උතුරු මුහුදු සීමාව ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය වන පිරිස් නතර කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙරළාරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක අධිකාරියේ පළමු ලේකම් බ්‍රැඩ් ඉසැන්ඩර් මහතා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සමග සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට රාජකාරී කිරීමේදී ඕස්ට්‍රේලියාවේ නව තාක්ෂණික දැනුම ලබාදීමට ප්‍රායෝගික පුහුණු පාඨාමාලාවන් ලබාදීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවයි බ්‍රැඩ් ඉසේන්ඩර් උතුරු පළාත් ආණ්ඩුකාරවරියට දැනුම් දී ඇත්තේ.

පලාලි ගුවන්තොටුපල මෙන්ම කන්කසන්තුරේ වරාය ද සංවර්ධනය කර ඉදිරියේදී සංචාරක ආකර්ෂණයක් ලබා ගත හැකි අයුරින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම ඇතුලු නීති විරෝධී සියලු මිනිස් ක්‍රියාකාරකම් නතර කර ගැනීමට ඕස්ට්‍රේලියා රජයේ සහය අවශ්‍ය බවටයි ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළේ.

ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ලබාදිය හැකි උපරිම සහාය ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා අතර උතුරු මුහුද මෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් නාවික හමුදාවේද සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට ද ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක අධිකාරියේ පළමු ලේකම් බ්‍රැඩ් ඉසැන්ඩර් මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39