ඕස්ට්‍රේලියානු දඟ පන්දු ‍යවන්නෙකුට දෙවන තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ට අහිමිව ගොස් තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවන ටෙස්ට් තරගය මෙලෙස අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට යළි ඕස්ට්‍රේලියාව බලා යාමට සිදුව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ

ඒ අනුව ඔහු වෙනුවට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෝන් හොලන්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

2016 වසරේ සිය මංගල තරගයට පිවිසි 35 හැවිරිදි හොලන්ඩ් මේ දක්වා ටෙස්ට් තරග 04කට පමණක් සහභාගි වී කඩුලු 09ක් දවාගෙන සිටිනවා.

ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය 2018 ඔක්තෝම්බර් මාසයේදී පකිස්ථානයට එරෙහිව ඔහු ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා හේතුවෙන් තරගයේ තෙවන දිනයේම ජය හිමිකර ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03