spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු දඟ පන්දු ‍යවන්නෙකුට දෙවන තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ට අහිමිව ගොස් තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවන ටෙස්ට් තරගය මෙලෙස අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට යළි ඕස්ට්‍රේලියාව බලා යාමට සිදුව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ

ඒ අනුව ඔහු වෙනුවට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෝන් හොලන්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

2016 වසරේ සිය මංගල තරගයට පිවිසි 35 හැවිරිදි හොලන්ඩ් මේ දක්වා ටෙස්ට් තරග 04කට පමණක් සහභාගි වී කඩුලු 09ක් දවාගෙන සිටිනවා.

ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය 2018 ඔක්තෝම්බර් මාසයේදී පකිස්ථානයට එරෙහිව ඔහු ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා හේතුවෙන් තරගයේ තෙවන දිනයේම ජය හිමිකර ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?