“ඔහු ජීවිතයේ බරපතල වැරදි සිදුකළ, දක්ෂ පුද්ගලයෙක්” – ප්‍රිගෝෂින්ගේ මරණය ගැන පුටින් නිහඬතාව බිඳියි

වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගෝෂින් හදිසි ගුවන් අනතුරකින් මිය යාම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය නිහඬතාවය බිඳ දමා තිබෙනවා.

ඒ, එම ගුවන් අනතුර සිදු වී පැය 24කට පමණ පසුයි.

යෙව්ගනි ප්‍රිගෝෂින්ගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අදහස් දක්වමින් පුටින් පවසා ඇත්තේ කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා “ජීවිතයේ බරපතල වැරදි සිදු කළ, දක්ෂ පුද්ගලයෙක්” බවයි.

ඊට අමතරව මෙම ගුවන් අනතුරින් ප්‍රිගෝෂින් සමඟ ජීවිතක්ෂයට පත් වූ බව කියන අනෙකුත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය ශෝකට පළ කිරීමට රුසියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ප්‍රිගෝෂින් ගමන් ගත් ජෙට් යානය කඩා වැටීමට පෙර ඉහළ අහසේ දී විශාල පිපිරුමක් සිදු වූ බව යානය කඩා වැටුණු ප්‍රදේශයේ ජීවත්වන ගැමියන් පවසනවා.

ඒ, අනුව යානයේ බෝම්බයක් හොර රහසේ රැගෙන ගොස් ඇති බවට සැකයක්‌ මතුවන බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඇතැම් පාර්ශ්වයන් පවසන්නේ රුසියානු ගුවන් යානා නාශක හමුදා විසින් ප්‍රිගෝෂින් ගමන් ගත් ජෙට් යානය බිම හෙළා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

62 හැවිරිදි ප්‍රිගෝෂින් ඔහුට අයත් බව කියන එම්බ්‍රායර් වර්ගයේ පෞද්ගලික ජෙට් යානාවකින් මොස්කව් නුවර සිට සාන්ත පීටර්සන්බර්ග් නුවර බලා පියාසර කරමින් සිටිය දී මෙම අනතුරට ලක්වූනේ පෙරේදා දිනයේ දීයි.

රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායකයා ප්‍රිගෝෂින් වරක් පුටින්ගේ පක්ෂපාතියෙකු ලෙස යුක්‍රේනයට එරෙහි යුද්ධයේ දී කටයුතු කළ අතර, ජුනි මාසයේදී රුසියාවේ කෙටි කාලීන කැරැල්ලකට නායකත්වය දීමෙන් පසු බොහෝ නිරීක්ෂකයින් ඔහුව විස්තර කළේ “ඇවිදින මළ මිනිසෙකු” ලෙසයි.

මෙම කැරැල්ලත් සමඟ ප්‍රිගෝෂින් කෙරෙහි පුටින් ජනාධිපතිවරයාගේ තිබූ විශ්වාසය බිඳවැටීමට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30