spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවෙන් පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 163යි. පන්දු 124කින් ඔහු එම ලකුණු 163 ලබා ගත්තේ හතරේ පහර 14ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

මිචෙල් මාර්ෂ් පන්දු 108කින් ලකුණු 121ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

ග්ලේන් මැක්ස්වෙල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 5ක් බිඳහෙලුවා. Haris Rauf කඩුලු 3යි. පාකිස්ථාන පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?