ඔමික්‍රෝන් ගැන සිදුකළ නවතම අනාවරණය එළියට

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එමෙන්ම, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 3ක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගම පවසනවා.

රසායනාගාර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ, නව ප්‍රභේදය මැඬ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිදේහ හොදින් නිර්මාණය කිරීමේ හැකියාව ෆයිසර් එන්නතට ඇති බවයි. එසේම මාර්තු මාසය වන විට ඔමික්‍රොන් නව ප්‍රභේදය වෙනුවෙන් එන්නත් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝහල්ගත වීම් වැඩි විය හැකි බවයි. මේ වන විට ලොව පුරා රටවල් 57ක ඔමික්‍රොන් නව ප්‍රභේදය පැතිර තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 268,068,326ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,294,421ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14