ඔපරේෂන් එක පටන් ගද්දි කරන්ට් ගියා,

නැඟෙනහිර කොළඹ මූලික රෝහලේ සිසේරියන් සැත්කමක් සිදුකෙරෙමින් තිබියදී එහි ජෙනරේටරය නතර වීම නිසා ජංගම දුරකථනයේ ටෝච් එළි භාවිත කරමින් එම සැත්කම සාර්ථකව නිම කර මවත් දරුවාත් බේරාගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම සමත් වූ පුවතක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වේ.

නාරි හා ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම මෙම සැත්කම කිරීම ආරම්භ කර ඇත්තේ ඉකුත් 4 වැනිදා පෙරවරුවේය. 

ඒ වනවිටත් මුල්ලේරියාව ප්‍රදේශයට විදුලිය නොතිබූ අතර රෝහලේ ජෙනරේටරයෙන් රෝහලට විදුලිය සැපයෙමින් තිබිණි. ජෙනරේටරයෙන් විදුලිය සපයද්දී වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක නොවන බැවින් ශල්‍යාගාරය වායුසමනය කර තිබුණේද නැත. ගැබිනි මවගේ ඉණෙන් පහළ කොටස හිරිවට්ටා මෙම සිසේරියන් සැත්කම සිදුකිරීමට පියවර ගෙන තිබූ අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, වෛද්‍යවරුන් කිහිපදෙනෙක්, හෙද හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එහි සිටියහ. සැත්කම සිදුකර බිලිඳා බිහිකර මවගේ කැපුම් තුවාල මසන්නට වෛද්‍යවරයා සැරසෙන මොහොතේ ජෙනරේටරයද නැවතිණි. ඒ වන විට මවගේ කැපුම් තුවාල මසා තිබී නැත. 

ශල්‍යාගාරය අඳුරේ පැවැතිණි. එපමණක් නොවේ, එහි විදුලියෙන් ක්‍රියාත්මක වන කිසිදු උපකරණයක් ක්‍රියාත්මක නොවීය. ඒ මොහොත මවත් දරුවාත් ඉතා අවදානම් අඩියක සිටින මොහොතකි. වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම හැකි අන්දමින් සැත්කම ඉවර කරන්නට තීන්දු කළහ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තම අත ඇති දුරකථනයන්හි ටෝච් දැල්වූහ. වෛද්‍ය කෝදාගොඩ සැත්කම අවසන් අදියර දිගටම කරගෙන ගියේය. එම කණ්ඩායමේ දස්කමින් මේ වන විට මවත් දරුවාත් නිරුපද්‍රිතව සිටින බව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවැසීය. 

විශේෂයෙන් රුධිර වහනය වීම නැවැත්වීමට භාවිත කරන උපකරණය විදුලිය නොමැතිව ක්‍රියාත්මක නොවන බවත් එහිදී කෙසේ හෝ එම කණ්ඩායමේ දක්ෂතාව හේතුවෙන් සිදුවන්නට ගිය අනතුරක් වැළකී ගිය බවත් හෙතෙම කියා සිටියේය. මෙවැනි අවස්ථාවක රෝහලේ ප්‍රයෝජනය සඳහා තවත් ජෙනරේටරයක් තිබුණේ නම් ඉතා වටිනා බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23
Video thumbnail
ආණ්ඩුව කිසිම හොරකමක් කරලා නෑ - මාලිමා මන්ත්‍රීගෙන් CIDයට පැමිණිල්ලක්
05:19
Video thumbnail
කපිල චන්ද්‍රසේන එළොව ගිය නිවසට කොටුව මහේස්ත්‍රාත් පැමිණෙන දර්ශන
02:04
Video thumbnail
හරීන් අමු කුණුහරුපෙන් සංවිධායකයෙකුට බනින හඬ පටයක් ලීක් වෙයි..SJB - UNP හැදුවේ මම තමයි ....
05:46
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36