ඔන්ලයින් පෙම විදුලි වැටෙන් අවසන් වෙයි! කොලාන්න කැළඹූ සංවේදී කතාව

කොලොන්න, පිටවෙල ගම ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අංක 18, වඩුමඩුව දික්වැල් ප්‍රදේශයේ පදිංචි මතකධීර කම්කානම්ගේ සුරාජ් ප්‍රසන්න (26) සහ කොළොන්න පිටවෙල පදිංචි කම්කානම්ගේ සෂිණි සදමාලි (17) නැමැති දෙදෙනායි.

තරුණියගේ නිවසට ආසන්නයේ ඇයගේ ඥාතියෙකුගේ කුරුදු ඉඩමකදී මෙසේ විදුලි සැර වැදී මෙම දෙදෙනා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා මෙම කරුඳු ඉඩම වටේ කම්බි යොදා එයට  අනවසරයෙන් විදුලිය සම්බන්ධ කර තිබුණා.

මෙම දෙදෙනා මියගොස් ඇත්තේ එම විදුලි කම්බිවල පැටලීමෙන් බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම තරුණිය ඔන්ලයින්  ඔස්සේ මියගිය තරුණයා සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සිදුවීම සිදුවූ දින දික්වැල්ලේ සිට මෙම තරුණයා මෙම තරුනිය සොයාගෙන පැමිණ තිබුණා.

තරුණියගේ නිවස ආසන්නයේ තරුණයා පැමිණි යතුරුපැදිය නතරකර තරුණිය සමග කතාකරමින් සිට ඇති අතර නිවැසියන් මේ බව දැක තිබෙනවා.

එයින් බිය වූ මෙම දෙදෙනා පලා ගොස් ඇති අතර නිවසට යාබව මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 5ක පමණ කුරුදු වත්තක විදුලි සැර වැදී වැටී මියගොස් සිටියදී අද (17) පෙරවරුවේදී සොයාගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොළොන්න පොලීසිය එක්ව පරික්ෂණ පවත්වනු ලබනවා.

අනවසරයෙන් විදුලිය යෙදූ එම ඉඩමේ හිමිකරු වන කම්කානම්ගේ රූපසේන පොලිස් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිස් පරික්ෂණ පැවැත්වෙනවා.

සිදුවීමේ ඡායාරූප පහතින්,

Online Pema 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02