ඔන්ලයින් ගේම් නිසා ආකාලයේ මියැදුණු අශේන් ගේ කතාව

ජංගම දුරකථනය ඔස්සේ දැඩි ලෙස වීඩියෝ ක්‍රීඩා (Mobile Games) සඳහා ඇබ්බැහි වී සිටි 16 හැවිරිදි වියේ පසුවූ දරුවෙකු ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී ඊයේ (11) සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර බවයි පොලිසිය පැවසුවේ.

බුලත්විට විකිණීමෙන් උපයාගත් මුදලින් කොටස් වශයෙන් ගෙවීමට තම පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ අශේන් ගේ අනාගතය සාර්ථක කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි එම සිසුවාගේ පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ.

පවුලේ එකම දරුවා වූ අශේන් අධ්‍යාපනයට මෙන්ම නර්ථනයටද එකසේ හපන්කම් දැක්වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පියා මෙසේ ප්‍රකාශ කර සිටියා,

” “දවල් 2.45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා විට එකක්වත් නෑ ගේන්න කියලා. මම ඒ එක්කම පුතේ කිව්වා. පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා. අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා. මම බුලත් විට ටික බෑග් එකට දාගෙන ඉස්සරහට එතකොට පුතත් මගේ පස්සෙන්ම ආවා. පස්සෙ මම ත්‍රීවිල් එකක් අරං කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කරත් එයා කතා කරේ නැහැ.පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ ඉඳලා එක පාරක් කතා කලත් ඇයි තාත්තා කියලා අහනවා. මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ. මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නවා දැක්කා. මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුණා. විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා අනේ අයියෝ.”

දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඩේටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේ.

තවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට ආසන්න ප්‍රමාණයෙන් 99% ක් පමණ (විවිධ ක්‍රීඩා) ගේම් ඡායාරූප මෙන්ම ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව එම දරුවා දැඩිව ගේම් ගැසීම සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ.

” “ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා…” යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව වු අශේන් ගේ පියා හඬා වැලපෙමින් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46