ඔන්ලයින් ගේම් ගහන්න ත්‍රීවිල් උස්සලා (වීඩියෝ)

මාස කිහිපයක සිට පානදුර මූලික රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය සිදුකළ සිදු කළ විමර්ශනයක දී එම ත්‍රිරෝද රථ සොරාගත් පුද්ගලයා කළුතර අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් මෙලෙස සොරාගන්නා ලද ත්‍රිරෝද රථ මුහුණු පොත හරහා ඇඹිලිපිටිය, රත්නපුර, ගාල්ල වැනි ප්‍රදේශවලට අලෙවිකර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අලෙවිකරන ලද ත්‍රිරෝද රථවලින් හතරක් මේ වනවිට සොයාගෙන ඇති අතර, අනෙක් ත්‍රිරෝද රථ සොයා පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

අන්තර්ජාලයේ මුදල් යොදවා සිදුකරන ක්‍රීඩාවන්වලට ඇබ්බැහි වී ඇති තමන් ඒ සඳහා මුදල් සොයාගැනීමට මෙම සොරකම සිදුකළ බවටයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සැකකරු පානදුර රෝහල ඉදිරිපිට සැරිසරන අයුරු සහ ත්‍රිරෝද රථ සොරාගන්නා ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ දර්ශන උපයෝගී කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56