spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් ඕඩරයෙන් නිවසට ආ බිරියානි කෑ තරුණියක් ජීවිතක්ෂයට

බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

19 හැවිරිදි තරුණියක් අද (07) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අංජු ශ්‍රීපාර්වතී නැමැති අදාළ තරුණිය පසුගිය දෙසැම්බර් 31 වැනිදා ඇය ජීවත් වූ ප්‍රදේශයේ හෝටලයකින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආහාර ඇණවුම් කර තිබෙනවා.

එහිදී ඇනවුම් කළ බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් පසු ඇය රෝගාතුරව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඇයගේ මව්පියන් විසින් තරුණිය පෞද්ගලික රෝහලකට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, පසුව ඇයව කර්නාටක ප්‍රාන්තයේ මංගලුරු ප්‍රදේශයේ පිහිටි වෙනත් රෝහලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහි ප්‍රථිකාර ලබමින් සිටි තරුණිය අද (07) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් විසින් ආහාර සුරක්ෂිතතා කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම තරුණිය ආහාර ඇනවුම් කළ අදාළ හෝටලයේ බලපත්‍රය ද ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති පනත යටතේ අවලංගු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා අත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?