ඔන්ලයින් ඕඩරයෙන් නිවසට ආ බිරියානි කෑ තරුණියක් ජීවිතක්ෂයට

බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

19 හැවිරිදි තරුණියක් අද (07) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අංජු ශ්‍රීපාර්වතී නැමැති අදාළ තරුණිය පසුගිය දෙසැම්බර් 31 වැනිදා ඇය ජීවත් වූ ප්‍රදේශයේ හෝටලයකින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආහාර ඇණවුම් කර තිබෙනවා.

එහිදී ඇනවුම් කළ බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් පසු ඇය රෝගාතුරව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඇයගේ මව්පියන් විසින් තරුණිය පෞද්ගලික රෝහලකට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, පසුව ඇයව කර්නාටක ප්‍රාන්තයේ මංගලුරු ප්‍රදේශයේ පිහිටි වෙනත් රෝහලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහි ප්‍රථිකාර ලබමින් සිටි තරුණිය අද (07) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් විසින් ආහාර සුරක්ෂිතතා කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම තරුණිය ආහාර ඇනවුම් කළ අදාළ හෝටලයේ බලපත්‍රය ද ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති පනත යටතේ අවලංගු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා අත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21