‘ඔඩිසි’ දුම්රිය ගැන ප්‍රවාහන ඇමති බන්දුල පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

‘ඇල්ල ඔඩිසි’දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අලෙවි කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ නොකිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද පරීක්ෂණයක් සිදුකරන් ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

‘ඇල්ල ඔඩිසි’ දුම්රියෙන් ගමන් ගන්නා මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 99.99 ක් හෙවත් රුපියල් 36,000ක් අයකර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍රයක් අළෙවි කිරීමට උත්සාහ කරන බවත් තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර සෑම සති අන්තයකම ඉරිදා දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00ට ගමන් ආරම්භ කිරීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට ධාවනය නොවීමට කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට අමාත්‍යවරයා මෙලෙස පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03