spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔඩීෂා දුම්රිය අනතුරෙන් පසු ඉන්දීය දුම්රිය ඇමතිට විපක්ෂයෙන් දැඩි බලපෑම්

පුද්ගලයින් 288කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසු එරට දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් හට ඉල්ලා අස්වෙන ලෙස කොන්ග්‍රස් පක්ෂය බලකර සිටිනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා (02) රාත්‍රියේ සිදු වූ මෙම දුම්රිය අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉලක්ක කර ගනිමින් ආරක්ෂක නිර්දේශ කිහිපයක් නොසලකා හැර ඇති බවට විපක්ෂය විසින් චෝදනා කරන බවයි.

අද (04) දිල්ලියේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශක්තිසිංහ ගොහිල් සහ පක්ෂයේ මාධ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී පවන් කේරා දුම්රිය අමාත්‍යාංශයට ‘වැරදි කළමනාකරණය සහ නොදැනුවත්කම’ සම්බන්ධයෙන් චෝදනා කර සිටියා.

මෙම ව්‍යසනයට වගකිව යුතු අයට දැඩි දඬුවම් ලබාදීමේ පොරොන්දුව ඉටු කරන ලෙසට ද අගමැති මෝදිගෙන් කොංග්‍රසය මෙහිදී ඉල්ලා සිටියා.

පසුගිය සිකුරාදා (02) රාත්‍රියේ දුම්රිය තුනක් ගැටීමෙන් සිදු වූ මෙම දරුණු අනතුරෙන් පුද්ගලයින් 288ක් මිය ගොස් දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් වග කිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බව ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් ප්‍රකාශ කළා.

මෙම දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවයි වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?