ඔඩීෂා දුම්රිය අනතුරෙන් පසු ඉන්දීය දුම්රිය ඇමතිට විපක්ෂයෙන් දැඩි බලපෑම්

පුද්ගලයින් 288කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසු එරට දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් හට ඉල්ලා අස්වෙන ලෙස කොන්ග්‍රස් පක්ෂය බලකර සිටිනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා (02) රාත්‍රියේ සිදු වූ මෙම දුම්රිය අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉලක්ක කර ගනිමින් ආරක්ෂක නිර්දේශ කිහිපයක් නොසලකා හැර ඇති බවට විපක්ෂය විසින් චෝදනා කරන බවයි.

අද (04) දිල්ලියේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශක්තිසිංහ ගොහිල් සහ පක්ෂයේ මාධ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී පවන් කේරා දුම්රිය අමාත්‍යාංශයට ‘වැරදි කළමනාකරණය සහ නොදැනුවත්කම’ සම්බන්ධයෙන් චෝදනා කර සිටියා.

මෙම ව්‍යසනයට වගකිව යුතු අයට දැඩි දඬුවම් ලබාදීමේ පොරොන්දුව ඉටු කරන ලෙසට ද අගමැති මෝදිගෙන් කොංග්‍රසය මෙහිදී ඉල්ලා සිටියා.

පසුගිය සිකුරාදා (02) රාත්‍රියේ දුම්රිය තුනක් ගැටීමෙන් සිදු වූ මෙම දරුණු අනතුරෙන් පුද්ගලයින් 288ක් මිය ගොස් දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් වග කිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බව ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් ප්‍රකාශ කළා.

මෙම දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවයි වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15