එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමේ සූදානම ගැන අගමැතිනිගේ විශේෂ අවධානය

ඉදිරියේදී සිදුවන බවට කාලගුණ අනාවැකි පළකර ඇති එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට ආහාර සුක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමණාකරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී අද (16) පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා.

විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග වැඩසටහන්, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති, ප්‍රජාශක්ති වැඩසටහන, රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු 2026 සඳහා වන සංවර්ධන වැඩසටහන්වල ඊයේ (15) දිනට අත්කර ගත් ප්‍රගතිය ඉදිරිපත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොළඹ දිස්ත්‍රිකය සඳහා ක්‍රීඩා අනු කමිටුවක් පත් කර ගැනීම අද (16) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදු වූ අතර මෙම අනු කමිටුව හරහා ඉදිරි කටයුතු සැලසුම් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළා.

ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා කටයුතු සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළා.

ඉදිරියේදී ඇතිවන එල්-නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ මෙරටට ඍජුව ඇතිවන බලපෑම් මෙන්ම එමගින් ගෝලීය වශයෙන් ඇතිකරන බලපෑම් සඳහාද සූදානම් වීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආහාර සුක්ෂිතතාවය මෙන්ම ජල කළමනාකරණය සහ බලශක්ති කළමණාකරනය සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ප්‍රකාශ කළා.

ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වෘත්තිය පුහුණු වැඩසටහන්, වැඩිහිටි ප්‍රජා මූලික ක්‍රියාකාරකම් වැනි සේවාවන් දියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පවසා සිටියා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, කොළඹ දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියේජිතයින්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහහාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02