එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෙකු නොරොච්චෝලේදී අත්අඩංගුවට

එල්.ටී.ටී.සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා.

සැකකරු වාකරේ කදිරවේලි,පූලච්චන්කේනි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

පුත්තලම – දළුව,නිර්මල පුර ප්‍රදේශයේ මා දැල් වාඩියක රැඳී සිටි එම සැකකරු සතුව ජාතික හැදුණුම්පතක් හෝ නොතිබූ බව පොලිසිය පැවසුවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු එල්.ටී.ටී.සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බවත් සති දෙකක කාලයක් එල්.ටී.ටී.ඊ. යුද පුහුණුව ලබා ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.