එප්පාවල ලංකා පොස්පේට් සමාගමට මිලියන 110ක වාහන සහ යන්ත්‍රෝපකරණ

එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම් වාහන යෙදවීම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්තිගේ සහභාගීත්වයෙන් ඊයේ (27) දින සිදු කෙරුණා.

ඊට සමගාමීව, එප්පාවල ලංකා පොස්පේට් සමාගම සඳහා නව රියදුරු පත්වීම් ලිපි ලබාදීම ද එහිදී සිදු කෙරුණා.

මෙම ආයෝජනය යටතේ රුපියල් මිලියන 79 ක වීල් ලෝඩර් යන්ත්‍ර 02ක්, මිලියන 18ක ටිපර් රථ 02ක් සහ මිලියන 13ක පෝක් ලිෆ්ට් යන්ත්‍ර 02ක් සමාගමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් එක් වනවා.

නව යන්ත්‍ර උපකරණ හා මෙහෙයුම් වාහනවල යතුරු සංකේතාත්මකව ආයතනය වෙත භාර කිරීම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සුරතින් සිදු කෙරුණා.

අනතුරුව සේවක පිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ආරාධිතයින් පොස්පේට් නිධියේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.

මෙම අවස්ථාවට, පොස්පේට් නිධිය සුරැකීමේ කමිටුවේ සභාපති මහමාන්කඩවල පියරතන නාහිමිපානන්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක සමරකෝන්, තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයින්, ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර ඇතුළු ආයතනයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46