එකොළොස් හැවිරිදි දැරියකට හදිකල හිමිනම රක්ෂිත බන්ධනාගාරයට

එකොළොස් හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළේ යැයි පැවසෙන හිමිනම නැවත ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (30) නියෝග කළා.

හිමිනම සමග දැරියගේ මව කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ගල්කිස්ස ප්‍රදේශයේ ඇති නිවාස සංකීර්ණයක නිවසකට දැරිය තම මව සමග ගිය අවස්ථාවේදී අදාළ සැකකාර හිමිනම විසින් දැරියගේ මවට යම් දෙයක් බීමට දීමෙන් පසුව මව මත් වී නින්දට වැටුණු බවත් අනතුරුව හිමිනම තමන්ට අතවර කළ බවත් පවසමින් දැරිය සිය පියා සමග පොලිස් ස්ථානයට පැමිණ පසුුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි

ඒ අනුව අත්අඩංගුවට ගත් දැරියන්ගේ මව ඇප මත මුදා හැරි අතර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී .

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය බරපතල ලිංගික අතවරයකට ලක් වී ඇතැයි අද (30) නඩුව කැදවන ලද අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දැන්වීය.

ලිංගික අතවරය සිදු වූ බව පැවසෙන ගල්කිස්ස පොලිස් වසමේ සමුද්‍ර මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවස සහ හිමිනම වැඩ සිටි මොරටුව එගොඩ උයන බෝධිරාජාරාමයේදී සිදු කරන ලද ස්ථානීය පරික්ෂාවේ දී හිමි නමට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ දුරකථන දෙකක් මෙන්ම ස්වයංක්‍රීය රිවෝල්වර ආකෘතියක් සොයා ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර හිමිනම ඇප මත මුදාහැරිම මගින් ප්‍රදේශයේ මහජන කැළඹීමක් ඇති වීමට සහ විමර්ශන වලට බාධා ඇති විය හැකි යැයි ගල්කිස්ස පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් නිලධාරියා විසින් අධිකරණයට දැන්වීය.

සොයා ගන්නා ලද පරිගණකයේ සහ ජංගම දුකතනයන්හි මුර පද පොලිසියට ලබාදීම හිමිනම විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම භාණ්ඩද රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග නිකුත් කරන ලෙසටද පොලිසිය අධිකරණයට පැවසීය.

මෙම ක්‍රියාව හිමිනමට විරුද්ධව සැලසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බවත් බුදු කුටියක සිටිය යුතු හිමිනමක් සිර කුටියකට ගිය කල මුහුණ පෑමට සිදු වන අපහසුතා සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් විත්තියේ නීතිඥවරුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ හිමිනමට ඇප ලබා දෙන ලෙසටයි.

කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ සිද්ධියේ බරපතලකම සැලකිල්ලට ගෙන ඇප මත මුදාහැරිම ප්‍රතික්ෂේප කරන බවයි.

නඩුව නැවත ජූනි මස 13 වන දින කැදවීමට නියමිත ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17