spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක් පුද්ගලයෙකු සමඟ යුගදිවියට පිවිසි නිවුන් සහෝදරියන් දෙදෙනා (වීඩියෝ)

නිවුන් සහෝදරියන් දෙදෙනෙක් එකම පුරුෂයෙකු සමඟ එකවර විවාහ වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි හි නිවුන් සහෝදරියන් දෙදෙනෙක් මෙලෙස එකම පුරුෂයෙකු සමඟ විවාහ වී ඇති අතර, මෙම විවාහ උත්සවය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර් ප්‍රදේශයේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් දෙදෙනෙකුට එක් පුරුෂයෙකු සමඟ හෝ පුරුෂයින් දෙදෙනෙකුට එක් කාන්තාව සමඟ විවාහවීමට ඉන්දීය නීතියට අනුව අවසර හිමි වන්නේ නැහැ.

එවැනි තත්ත්වයක් පැවතිය ද මෙම විවාහ මංගල්‍ය රහසිගත විවාහ මංගල්‍යයක් නොවූ අතර, එම විවාහ මංගල්‍යයේ දර්ශන ඉන්දියාව තුළ සමාජ මාධ්‍යවල මේ වනවිටත් සැරිසරන බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

රින්කි සහ පිංකි නැමැති 36 හැවිරිදි වියේ පසුවන නිවුන් සහෝදරියන් දෙදෙනා අතුල් නැමැති අයෙකු සමඟ මෙලෙස විවාහ වී ඇති අතර, මෙම නිවුන් සහෝදරියන් දෙදෙනා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බවයි වාර්තා වන්නේ.

අතුල් නැමැති මෙම පුද්ගලයා කුඩා කල සිටම හඳුනන අයෙකු වන අතර, රින්කි සහ පිංකිගේ පියාගේ මරණයෙන් පසු අතුල් එම පවුලට උදව් උපකාර කළ අයෙකු බව ද සඳහන්.

ඉන්දියාවේ නීතියට පටහැනිව සිදුවූ මෙම විවාහය හේතුවෙන් මොවුන්ට එරෙහිව නිතීමට ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
161
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?