එක් පුද්ගලයෙකු සමඟ යුගදිවියට පිවිසි නිවුන් සහෝදරියන් දෙදෙනා (වීඩියෝ)

නිවුන් සහෝදරියන් දෙදෙනෙක් එකම පුරුෂයෙකු සමඟ එකවර විවාහ වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි හි නිවුන් සහෝදරියන් දෙදෙනෙක් මෙලෙස එකම පුරුෂයෙකු සමඟ විවාහ වී ඇති අතර, මෙම විවාහ උත්සවය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර් ප්‍රදේශයේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් දෙදෙනෙකුට එක් පුරුෂයෙකු සමඟ හෝ පුරුෂයින් දෙදෙනෙකුට එක් කාන්තාව සමඟ විවාහවීමට ඉන්දීය නීතියට අනුව අවසර හිමි වන්නේ නැහැ.

එවැනි තත්ත්වයක් පැවතිය ද මෙම විවාහ මංගල්‍ය රහසිගත විවාහ මංගල්‍යයක් නොවූ අතර, එම විවාහ මංගල්‍යයේ දර්ශන ඉන්දියාව තුළ සමාජ මාධ්‍යවල මේ වනවිටත් සැරිසරන බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

රින්කි සහ පිංකි නැමැති 36 හැවිරිදි වියේ පසුවන නිවුන් සහෝදරියන් දෙදෙනා අතුල් නැමැති අයෙකු සමඟ මෙලෙස විවාහ වී ඇති අතර, මෙම නිවුන් සහෝදරියන් දෙදෙනා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බවයි වාර්තා වන්නේ.

අතුල් නැමැති මෙම පුද්ගලයා කුඩා කල සිටම හඳුනන අයෙකු වන අතර, රින්කි සහ පිංකිගේ පියාගේ මරණයෙන් පසු අතුල් එම පවුලට උදව් උපකාර කළ අයෙකු බව ද සඳහන්.

ඉන්දියාවේ නීතියට පටහැනිව සිදුවූ මෙම විවාහය හේතුවෙන් මොවුන්ට එරෙහිව නිතීමට ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
161
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40