එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු කරගෙන ඇති විද්‍යාත්මක අනාවරණයක් පිළිබඳ වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ බහු විවාහ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයක දී.

භාර්යාවන් කිහිප දෙනෙකු තබාගෙන සිටින ධනවත් පුරුෂයින් මැද පෙරදිග රටවල්වල ඉතා සුලභ යි.

එම පිළිවෙත සහ හෘදයාබාධ අතර සම්බන්ධතාවක් ඇත්දැයි පර්යේෂණයක් සවුදි අරාබියාවේ ෆයිසල් රාජකීය රෝහල මගින් සිදු කොට තිබෙනවා.

එම රෝහලෙහි වෛද්‍ය අමීන් ඩෞලබ් මහතා විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇති බව සඳහන්.

භාර්යාවන් එක් අයෙකුට වැඩියෙන් සිටීම සැමියාගේ හදවතට කෙලෙස බලපාන්නේ ද යන්න පිළිබඳව මෙහි දී විද්‍යාත්මකව විමසා බලා තිබෙනවා.

එයින් අනාවරණය වී ඇත්තේ කිසිවෙකු නොසිතූ ප්‍රතිඵලයක්.

එක් බිරිඳක් සිටින පිරිමියෙකුට සාපේක්ෂව බලන විට එක් බිරිඳකට වඩා වැඩියෙන් සිටින පිරිමින් හට හදවත් රෝග වැළඳීමේ අවදානම දෙගුණයකින් හෝ ඊට වඩා වැඩි අගයකින් ඉහළ යන බව යි අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

මෙම පර්යේෂණය සඳහා විවාහක පුරුෂයින් 687ක් යොදාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් ලබා ගත් දත්ත පරීක්ෂා කර බැලීමේ දී මෙම අනාවරණය සිදුව ඇති බව ජාත්‍යන්තර විද්‍යා ජර්නලයක් වන Biology හි දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56