එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 5,908 ක් ප්‍රමාණවත් – රජයේ නිල වාර්තාවක් කියයි

මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් සරිලන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා  ප්‍රකාශයට පත් කරමින්  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එසේ සඳහන් කරයි.

එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇත.

දිස්ත්‍රික්ක පදනම අනුව සලකා බලන කල පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ දීය. එය රු. 6414 ක් වේ.

එසේම මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට මාසයක් තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,646 ක් අවශ්‍ය බව එහි සඳහන් අතර දිස්ත්‍රික්ක පදනමින් එය අවම අගය වේ.

මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Poverty Line Jan 2022
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?