එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 5,908 ක් ප්‍රමාණවත් – රජයේ නිල වාර්තාවක් කියයි

මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් සරිලන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා  ප්‍රකාශයට පත් කරමින්  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එසේ සඳහන් කරයි.

එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇත.

දිස්ත්‍රික්ක පදනම අනුව සලකා බලන කල පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ දීය. එය රු. 6414 ක් වේ.

එසේම මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට මාසයක් තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,646 ක් අවශ්‍ය බව එහි සඳහන් අතර දිස්ත්‍රික්ක පදනමින් එය අවම අගය වේ.

මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Poverty Line Jan 2022


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14