ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය ගොස් පුද්ගලයින් අටදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ප්‍රොවිඩන්ස් නගරාධිපති බ්‍රෙට් ස්මයිලි අනතුරු අඟවන්නේ.
වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති අතර, සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද පොලීසිය දන්වා තිබෙනවා.
එරට වේලාවෙන් සෙනසුරාදා පස්වරු 4.05ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
මේ අතර කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු ඔහු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වනවා.
වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.





