එකට මත්පැන් පානය කල මිතුරාට කිතුල් පොල්ලකින් හිසට පහරදී ප්රදේශයෙන් පලාගිය පියපුතු යුවලක් සොයා පරීක්ෂණ සිදුකරන බව අගලවත්ත පොලිසිය පවසයි.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ මහගම, මුදුන මහගම ප්රදේශයේ පදිංචිව සිටී සුදුහකුරුගේ නිශාන්ත නමැති 49 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා ප්රධාන සැකකරු සමග සැකකරුගේ නිවසේ මත්පැන් පානය කර ඇති අතර, මම මූට ගැහුවා පුළුවන් නම් ස්පිරිතාලෙට ගිහින් දාන්න යැයි අසල්වැසියෙකුට පවසා සිය 12 හැව්රිදි පුතා සමග ප්රදේශයෙන් පලාගොස් ඇති බවට දැනගැනීමට ලැබී ඇතැයි පොලිසිය සදහන් කරයි
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා පිඹුර ප්රාදේශීය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සදහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
