එංගලන්ත පාස්පෝට් එකෙන් මොහොමඩ් අමීර් IPL තරග බිමට ගොඩබහින්න කැමත්තෙන්

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ලබන වසරේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

මෙම සුපිරි වේග පන්දු යවන්නා 2016 වසරේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි නීතිඥවරියකු වන නර්ජිස් ඛාන් සමඟ විවාහ වුණා.

ඉන් අනතුරුව අමීර් 2020 වසරේ දී එංගලන්තයට සංක්‍රමණය වූ අතර,ඒ අනුවයි ඔහුට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය හිමිවිමට ඇත්තේ.

මේ සමඟ මාධ්‍ය ඔහුගෙන් විමසා ඇත්තේ මුදල්වලින් පොහොසත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධවීමට කැමැත්තෙන් සිටී ද යන්නයි.

එම පැනයට පිළිතුරු දෙමින්, “මට එක අවුරුද්දයි තියෙන්නේ. මොකද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. මම හැම වෙලේම පියවරෙන් පියවර යනවා. අවුරුද්දකට පස්සේ මම කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. කවුරුවත් අනාගතය දන්නේ නැහැ. මට විදේශ ගමන් බලපත්‍රය ලැබුණාම මම මට ලැබෙන හොඳම අවස්ථාව අනිවාර්යයෙන්ම ලබාගන්නවා.” යනුවෙන් මොහොමඩ් අමීර් පවසා සිටියා.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී වීමට පකිස්ථාන ක්‍රීඩකයින්ට අවසර නොමැති අතර,කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයත් සමඟ බොහෝ විට අමීර්ට එම අවස්ථාව හිමිවනු ඇති බවයි විශ්වාස කරන්නේ.

2008 වසරේ සමාරම්භක වාරයේ දී පාකිස්ථාන ක්‍රීඩකයින් අයි.පී.එල්.තරඟාවලියේ කොටසක් වූ නමුත්, දෙරට අතර දේශපාලන සබඳතා පිරිහීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අයි.පී.එල්.තරඟාවලියේ දොරටු වසා දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10