එංගලන්තයේ ක්‍රිකට් ගහන්න මෙන්ඩිස්ට ආරාධනයක්

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී නොටින්හැම්ෂයර් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙන්ඩිස්ට මෙලෙස ආරාධනා ලැබී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු පසුගිය කාලයේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා පිතිකරුවෙකුට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියකට මෙලෙස ආරාධනා ලැබුණේ කලකට පසුවවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්