ඌව පළාතට සහ අම්පාර, මඩකළපුව, පොළොන්නරුවට අද ගිගුරුම් සහිත වැසි

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තෙමන්තුව වැඩිදුරටත් පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්