උ.පෙළ කෘෂි විද්‍යා පේපරය ලීක් කළ සිද්ධියට කාන්තාවකුත් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ඇතුලු සැකකරුවන් තිදෙනා පෙබරවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ ඔවුන් අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්වුණු අතර පසුව අනාවරණය වූයේ එම ප්‍රශ්න පත්‍රය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි.

ඒ් අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

සිදුකර​න ලද විමර්ශනයේදී කෘෂි විද්‍යාව කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර විභාගයට පැවැත්වූ දිනයට පෙර බාහිර පාර්ශවයන් අතා පත්වී ඇති බවට තහවුරු වීමෙන් පසු පසුගිය 12 වැනිදා අදාල ප්‍රශ්න පත්‍ර අවලංගු කිරීමට කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ කාර්යාල කාර්ය සහායකාය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර ගුරුවරයා විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වැනිදා සහ එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවයි.

ඒ් අනුව සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය සහ සෙසු සැකකරුවන් දෙදෙනා අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ අනුව අවලංගු කල මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන පෙබරවාරි 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙන අතර එහි පළමු කොටස එදින පස්වරු 01 සිට පස්වරු 03 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?