උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්

උසස් පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ලබන 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණේ පසුගිය 7 වනදායි.

ඒ අනුව මෙම කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කරනු නොලබන විභාගය සඳහා ප්‍රථම වතාවට පෙනී සිටින කිසිදු අයදුම්කරුවෙකුට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාලසීමාවක් ලබාදීමක් සිදු නොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළේ.

කෙසේවෙතත් මෙම විභාගය සඳහා දෙවන හෝ තුන්වන වර හෝ ඊට පසු වාරයක් සඳහා අයදුම් කිරීම වෙනුවෙන් අවසන් වරට (2023.01.23 සිට 2023.202.17 දක්වා) පැවති උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන අයදුම්කරුවන් සඳහා පමණක් ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය පෙබරවාරි මස 17 වනදා අවසන් වූ උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ දක්වා ප්‍රමාද වීම සඳහා බලපෑ කරුණු රැසක් විභාග දෙපාර්තමේන්තුවේ පාලනයෙන් පරිබාහිර කරුණු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එම ගැටළු සඳහා වූ විසඳුම් ක්‍රියාමාර්ගවලදී හැකි සෑම අවස්ථාවකදීම දෙපාර්තමේන්තුවේ උපරිම දායකත්වය ලබාදී ඇති බව එම ක්‍රියාවලිය ආරම්භයේ සිට මේ දක්වා සමීපව නිරීක්ෂණය කළ ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේවන විට ප්‍රතිඵල ඇගයීම් ක්‍රියාවලිය එහි අවසන් අදියරට එළඹෙමින් පවතින අතර මෙම විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට හැකිවනු ඇති බවටයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ.

උසස් පෙළ විභාගයක් සංවිධානය කර පැවැත්වීම සඳහා අවශ්‍ය වන අවම කාල සීමාව සැළකිල්ලට ගෙන පසුගිය 7 වනදා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලද අතර රට තුළ පැවති විවිධ අර්බුදකාරී වාතාවරණයන් හමුවේ වුව ද දෙපාර්තමේන්තුව විසින් නියමිත කාලසීමාවන් තුළදී මෙම තීරණයන්ට නොඑළඹුනි නම් 2023 උසස් පෙළ විභාගය පැවැත්වීම 2024 වසරේ මාර්තු මාසයෙන් ඔබ්බට ප්‍රමාද විය හැකිව තිබූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.

2023 07 19 Press 3 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14