උසස් පෙළ අයදුම්පත් කැඳවීම දී අර්බුධකාරී තත්ත්වයක් – ජෝසප් ස්ටාලින්

2023 වර්ෂය අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ජුලි 07 වනදා ආරම්භ වූ අතර, එහි අවසන් දිනය ලෙස දැක්වෙන්නේ ජුලි 28 වනදායි.

මේ අතර 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය තවමත් නිකුත්ව නොතිබීම හේතුවෙන් දෙවන වර අයදුම් කිරීමට සිටින අයදුම්කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

අද (21) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර, උසස් පෙළ සිසුන්ගේ අයදුම්පත් කැඳවීමේ දී 80% පැමිණීමේ ප්‍රතිශතය මේ වනවිට අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ලේකම්වරයා මෙහිදී පැවසුවා.

උසස් පෙළ සිසු සිසුවියන්ගේ ජීවිත සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරනු ලබන සෙල්ලම නවතා දමන ලෙසයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අයදුම්පත් කැඳවීමට දැනුම් දී ඇති කාලසීමාවේ දී අයදුම්පත් ඉදිරිපත් නොකරන විභාගය සඳහා පළමු වරට පෙනී සිටින කිසිඳු අයදුම්කරුවකු හට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාලසීමාවක් ලබානොදෙන බවයි විභාග කොමසාරිස්මවරයා මීට පෙර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38