උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගතයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින්

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටින අතර කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලඟනා යන ප්‍රාන්ත ඇතුළත්, 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් මෙන්ම ආර්ථික වර්ධනයක් ද පෙන්නුම් කරන දකුණු ඉන්දීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බවයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා…

උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක් තරම් විශාල ආර්ථික පරාසයක පැතිර පවතිනවා. එම ක්ෂේත්‍රයෙහි දැනට පවතින තත්ත්වය විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකඟතාවද යහපත් මට්ටමක පවතිනවා.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සියලු දෙනාගේම මානව අයිතියක්. ඕනෑම රජයක් විසින් එම අයිතියට ඉඩ සැලසිය යුතුයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් වනවා.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටිනවා.

ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ආචාර්යවරුන් ගේ දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපන ක්‍රම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්ද සැලසුම් කරමින් සිටිනවා. ඒ ඔවුන්ගේ අධ්‍යයන සහ සෘතු නිවාඩු කාල පරිච්ඡේදයන්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා සම්බන්ධ කර ගනිමින්. ඒ හරහා උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත වන උපාධිධාරීන් ප්‍රශ්න නඟන කණ්ඩායම් වනවා වෙනුවට පවතින ප්‍රශ්නවලට විද්‍යාත්මක හා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කරන පිරිසක් බවට පත් විය යුතුයි. එවැනි පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත කිරීමත් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වනවා.

ශ්‍රී ලංකාව සෑම විටම අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටිනවා. දකුණු ඉන්දීය වෙළෙඳපොළ පමණක් කෙරෙහි අවධානය යොමු කළ හොත් එහි කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තවල 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයද වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් යොමු වන්නේ කොහෙටද යන්න මෙහිදී වැදගත් වනවා. ඔවුන්ට දිල්ලියට යෑමට වඩා ලංකාවේ කොළඹට පැමිණ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීම පහසුයි. ඒ නිසා අප එම වෙළෙඳපොළ දෙස බැලිය යුතුයි.

අපේ රටේ පවතින්නේ වසර 30කට වඩා ගතානුගතික පැරණි අධ්‍යාපන ක්‍රමවේදයක්. නමුත් නෝර්වේ, ස්වීඩනය සහ කාර්මික රටවල අධ්‍යාපන ක්‍රමවේද සමාජ අවශ්‍යතා අනුව ක්‍රමානුකූලව වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයක නැහැ. අපේ රට සංස්කෘතික රාජ්‍යයක් වීම ඊට හේතුවයි. නමුත් මේ ක්‍රමය ක්‍රමාණුකූලව වෙනස් කළ හැකියි. ඒ වගේම විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන පෙර පාසල් විධිමත් කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. මේවා නිසි නියාමනයකට ලක් විය යුතුයි.

අප බොහෝ කටයුතුවලදී මතවාදී වශයෙන් පොදු එකඟතාවයක නොසිටීම බලවත් අඩුවක්. ජාතික ප්‍රතිපත්ති ගොඩ නැඟීමේදී මෙවැනි පසුබිමක් පැවතීම අතිශය දුෂ්කර තත්ත්වයක්. එසේ වුවත් ඒවාද වෙනස් කර ගනිමින් අපි පවතින අභියෝග ජයගත යුතුයි.

2030 වර්ෂය වන විට සාර්ථක, ඵලදායී, විමර්ෂණශීලී පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46