spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නොවන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල දායකත්වය සහ ඒවා කාර්යක්ෂම කිරීමට ඇති අවස්ථා සහ බාධා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

නාගානන්ද උසස් අධ්‍යාපන ආයතනය, SLINTE උසස් අධ්‍යාපන ආයතනය, Esoft Metro Campus ආයතනය, Saegis Campus, ICBT, Royal Institute, IChem වැනි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිත පිරිස් ඊට සහභාගී වූ අතර, එම ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා, ඊට ඇති බාධා සහ ඉදිරි ගමන් මග පිළිබඳව එම නියෝජිත පිරිස් අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත වෙනස්කම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටයි කමිටු සභාපති විජයදාස රාජපක්ෂ පැමිණ සිටි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට අවස්ථා පවතින නමුත් ඒවා ඉදිරියට ගෙන යාමට නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මෙහි පැමිණි උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින් පෙන්වා දුන් අතර මෙම තත්ත්වය පහසු කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමකින් යුත් නම්‍යශීලී ක්‍රමවේදයක අවශ්‍යතාවය ද ඔවුන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?