උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නොවන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල දායකත්වය සහ ඒවා කාර්යක්ෂම කිරීමට ඇති අවස්ථා සහ බාධා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

නාගානන්ද උසස් අධ්‍යාපන ආයතනය, SLINTE උසස් අධ්‍යාපන ආයතනය, Esoft Metro Campus ආයතනය, Saegis Campus, ICBT, Royal Institute, IChem වැනි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිත පිරිස් ඊට සහභාගී වූ අතර, එම ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා, ඊට ඇති බාධා සහ ඉදිරි ගමන් මග පිළිබඳව එම නියෝජිත පිරිස් අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත වෙනස්කම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටයි කමිටු සභාපති විජයදාස රාජපක්ෂ පැමිණ සිටි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට අවස්ථා පවතින නමුත් ඒවා ඉදිරියට ගෙන යාමට නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මෙහි පැමිණි උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින් පෙන්වා දුන් අතර මෙම තත්ත්වය පහසු කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමකින් යුත් නම්‍යශීලී ක්‍රමවේදයක අවශ්‍යතාවය ද ඔවුන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42