උල් ආයුධයකින් පහරදී පුත්‍රයා, පියා මරා දමයි

නාවලපිටිය – නවකුරුදුවත්ත – කෙලිගෲප් වතුයායේ හි පුත්‍රයෙකු විසින් උල් ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වනවා.

පුත්‍රයා 41 හැවිරිදිවියේ පසුවන අතර පියා 71 හැවිරිදිවියේ පසුවෙයි, ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පියා බීමතින් සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පුත්‍රයා විසින් මෙලෙස උල් ආයුධයකින් පියාට පහරදී ඇති බව සඳහන්. සැකකාර  41 හැවිරිදි පුත්‍රයා  පදිංචි නිවසට පහලින්  පියා පදිංචිව  සිට ඇති බවත් දෙදනා දිනපතා බිමත්ව පැමිණ ආරවුල් ඇති කරගන්නා බව ප්‍රදේශවාසින් පවසනවා. පුත්‍රයා පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?