උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කැපූ තරුණයා පොලිස් අත්අඩංගුවේ

උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහි ඡායාරූප සමාජ මාධ්‍යවල පළකර තරුණයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

19 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් නාග්පූර්හි දී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාහුල් මොහ්නිකාර් නැමැති මෙම තරුණයා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 19 වන උපන්දින සැමරුම වෙනුවෙන් උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහිදී ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකර ඇති බව සඳහන්.

අදාල ඡායාරූප සම්බන්ධයෙන් අවධානය යිමු වූ ඉන්දීය පොලිසිය අදාළ තරුණයාගේ නිවස වටලා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, කේක් ගෙඩිය කැපීමට යොදාගත් කඩුව ද පොලිස් තිබෙනවා.

ආයුධ පනතේ විධිවිධාන යටතේ මෙම තරුණයාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?