උපකාරක පංති පැමිණි දියණියව පෙම්වතා ත්‍රී රෝද රථයක නන්වාගෙන පලා යයි

උපකරක පංතියකට ගොස් මව සමග නිවෙස් බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට මතුගම පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බව බව මතුගම පොලිසිය පවසයි.

සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සිය 44 හැවිරිදි මව සමග මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටීයදී තවත් පුද්ගලයකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්‍රීරෝද රථයට නංවාගෙන ගිය බව මව පොලිසියට පවසා තිබේ.

එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර , සැකකරු ඇයට පා පහරක් එල්ලකර පලාගොස් ඇති බව ද ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්.

සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්‍රීරෝද රථයද හදුනාගෙන ඇති අතර සැකකරු හා පැහැරගත් තරුණිය සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.

මතුගම මූලස්ථාන අපරාධ අංශ නිලධාරීන්, විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
6
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?