උදය ගම්මන්පිලගේ පෙත්සම හෙට සලකා බලයි

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ හෙට (04) දින සළකා බැලීමට නියමිතයි.

හිටපු කොටි නායකයකු ගොතන ලද කතාවක් මත හිටපු නාවික හමුදාපතිරයා අත්අඩංගුවට ගත් බවට තමන් කළ ප්‍රකාශය ජනවර්ග අතර අසමගියක් ඇති කිරීමේ අරමුණෙන් කළැයි සඳහන් කරමින් තමන් කොයි මොහොතේ හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි පවසන පෙත්සම්කරු එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් උදය ගම්මන්පිල මහතා මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කර තිබෙනවා.

තරුණයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වැනිදා තමන් මාධ්‍ය හමුවක් පවත්වා දැනුවත් කිරීමක් කළ බවත් ‘හිටපු කොටි නායකයකු ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගත් බවට කළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රඥප්තිය යටතේ ජනවර්ග අතර අසමගියක් ඇති කිරීමේ අරමුණෙන් තමන් එම ප්‍රකාශය කළ බවට සඳහන් කරමින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව රහස් පොලිසිය බී වාර්තාවක් මඟින් කොටුව මහේත්‍රාත්වරයාට දැනුම් දී ඇතැයි උදය ගම්මන්පිල මහතා අදාළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ කොයි මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පොලිසිය ගොනු කළ වාර්තා පදනම් කරගෙන කිසිදු නියෝගයක් නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගය මහෙස්ත්‍රාත්වරයාට නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39