උදයංගගේ ගිණුම්වල මුදල් ගැන නීතිපතිට නියෝගයක් (වීඩියෝ)

මිග් යානා ගනුදෙනුව සිදු වීමට පෙර රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් දෙකකට ලැබී ඇති මුදල් මුදාහැරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියම කර තිබෙනවා.

ඒ පිළිබඳ තීරණයක් ගත් පසුව එම තීරණය මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීතිපතිවරයාට නියෝග කර ඇත්තේ.

කොළඹ මහාධිකරණය වෙත ඊයේ දින මෝසමක් ඉදිරිපත් කළ උදයංග වීරතුංග ඉල්ලීමක් කර තිබුණේ තමන්ගේ බැංකු ගිණුම් දෙකකට පනවා තිබෙන තහනම ඉවත්කර එහි තිබෙන මුදල් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් අද අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළා.

ඒ අනුව අදාළ මෝසම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මිග්යානා ගනුදෙනුවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් මෙම ගිණුම් තහනම් කර ඇති බවත් පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තමන් විරුද්ධ වන බවයි.

අදාළ ගිණුම් දෙකේ ඇතුළත්ව තිබෙන්නේ තම සේවාදායකයා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවත් ඒ තුළ නීති විරෝධී මුදල් කිසිවක් නොමැති බවත් උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඒ අනුව අදාළ ගිණුම් දෙකට පනවා තිබෙන තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි නම් මිග් ගනුදෙනුව සිදු වීමට පෙර එම ගිණුමට ලැබුණු මුදල් සිය සේවාදායකයා වෙත මුදා හැරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ කරුණ පිළිබඳ අධ්‍යයනය කර තීරණයකට එළඹෙනු පසු ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02