spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උතුරේ මාධ්‍යවේදීන්ට යාපනයේ දී දෙදින වැඩමුළුවක් (ඡායාරූප)

මධ්‍ය වාර්ථාකරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ගැටළු පිළිබඳ ද ඉන් වැළකී ආරක්ෂාකාරීව සැබෑ මාධ්‍යකරනයක නිරත විය යුතු ආකාරය පිළිබඳව ද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (01) දින ආරම්භ වුණා.

මධ්‍ය වාර්ථාකරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝගවල දී භාවිතා කළ යුතු ශිල්ප ක්‍රම පිළිබඳවත් ඒ හා බැඳි නීති පිළිබඳවත් උතුරු පළාතේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙම වැඩසටහන මඟින් සිදුකෙරෙන අතර, මෙම වැඩසටහන හෙට (02) දිනයේදී ද පැවැත්වෙනවා .

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ වෙනුවෙන් උතුරේ මාධ්‍යවේදීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා.

මෙහිදී අපරාධ සිද්ධි ඇතුලු මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් විසින් අනුගමනය කළයුතු ආචාර ධර්මයන් පිළිපැදීම ආදී කරුණු සම්බන්ධයෙන් ද උතුරේ මාධ්‍යවේදීන් දැනුවත් කෙරුණා.

A 4
A 3
A 2
A 6
A 1
A 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?