spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩ ගිය කැරට් මිළ බිම වැටුණ වැටිල්ල

පසුගිය දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල මේ වනවිට පහත වැටෙමින් පවතින අතර, අඛණ්ඩව 03 වන දිනටත් අද එළවළු මිල ගණන් පහත වැටී තිබෙනවා.

අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 350ත්, 400ත් අතර මිලකටයි. 

පසුගිය කාලයේ රුපියල් 2,500ත්, 3,000ත් අතර මිලකට අලෙවි වූ කැරට් මිල ගණන් මෙලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ තොග වැඩි වශයෙන් වෙළෙඳපොලට ලැබීමයි. 

එසේම, අනෙකුත් එළවළු වර්ගවල තොග ද මේ වන විට වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින අතර, ඒ හේතුවෙන් අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන්ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
85
+1
4
+1
4
+1
8
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?